කුමාර සංගක්කාර ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ කඩුළු රැකීමෙන් දෙවැනි තැනට.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පහල වූ දක්ෂතම කඩුළු රකින්නන්ගේ ඉතිහාසයට කුමාර සංගක්කාරගේ නම එකතුවීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් වන අපට ඉමහත් ආඩම්බරයකි. ඔහු 2003-2011 අතර පැවැත්වූ තරඟ වලදී තරඟ 30 කදී දවා ගැනීම් 46කට තම දායකත්වය සපයා ඇත. එහිදී උඩ පන්දු 36 ක් හා ස්ටම්ප් කිරීම් 10 ත් ඇතුළු වේ. තවද 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය සඳහා තරඟ වදින සංගක්කාර එම තරඟාවලිය සඳහා තරඟවදින ක්‍රීඩකයන්ගේ වැඩිම දවා ගැනීම් වලට සිය දායකත්වය සපයා ඇත. ප්‍රථම ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල් ක්‍රිස්ට් ලබාගෙන ඇති අතර 1999-2007 ක්‍රීඩා කාල වකවානුව තුළ තරඟ 31කදී කඩුළු 52කක් දවා ගැනීමට දායකත්වය ලබා දී ඇත. විජය විදානපතිරණ,
9166 Total Views 31 Views Today
Categories: Cricket,Top Stories


