ක්‍රීඩාවයි,ව්‍යායාමයි,ක්‍රියාශීලී ජීවිතයයි.
ක්‍රීඩාව සහ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමේ ප්‍රයෝජ්‍යතාවන් ක්‍රමානුකූල සහ විද්‍යාත්මක පදනම මත ගොඩනැගුනකි. එමගින් ඇතිවන ශාරීරික ප්‍රබෝධය හදුන්වන්නේ කායික යෝග්‍යතාව (Physical Fitness) යනුවෙනි. එය පුද්ගල ජීවිතය වටා ගොඩනැගෙන ශාරීරීක,මානසික සමාජමය ප්‍රතිලාභ රැසක පදනමයි.
කුඩා වයසේ පසුවන දරුවෙකු තම ශාරීරික වර්ධනයට අවශ්‍ය වන සංචලන අත්දැකීම් (Movement Experience) රැසක් පාසල් ක්‍රීඩාපිටිය තුලින් අත්පත් කර ගනී. සංචලන පුහුණුව මඟින් හුරුබුහුටිකම ද නිවැරදි ප්‍රසන්න ඉරියව් ද ළමයා තුල ඇති වේ. ප්‍රසන්න ලෙස ඉරියව් පැවැත්වීමට සංයමය පුරුදු වේ. ප්‍රථම වරට මලල ක්‍රිඩා මෙම අරමුණින් අගය කරමින් භාවිතා කරන ලද්දේ ග්‍රීකයන් විසිනි. කෙසේ නමුත් සමස්තයක් ලෙසට ශාරීරික ක්‍රියාකාරකම් වල සහ ක්‍රිඩාවල යෙදෙන ඕනෑම වයස් මට්ටමක පුද්ගලයෙක් තමාගේ හැකියාවන් මෙන්ම සීමාවන් ද හදුනාගෙන ක්‍රියා ක්‍රීරීම කැපී පෙනෙන ලක්ෂණයකි.
ක්‍රීඩා කිරීමෙන් නිරතුරුවම ශරීරයට විවිධ අභ්‍යාස ලබාදෙමින් වර්ධනය කරගන්නා ශාරීරික සුව පහසුව සාධක ගණනාවක බලපෑමකි.එය විවිධ වයස් කණ්ඩායම් වෙත වෙනස් ආකාරයෙන් ක්‍රියාකරනු ලබයි. මෙම ප්‍රතිලාභ සෘජුවම ක්‍රියාකාරී වෙතැයි සැලකිය නොහැක. නමුත් එම ක්‍රියා කාරකම්හි ඒකාබද්ධතාවය පුද්ගල ජීවන රටාව වෙත විශාල අනුබලයක් සපයයි. මෙම සෞඛ්‍යමය බලපෑම් තුලට පෝෂණය,වේගය,ශාරීරික ක්‍රියාකාරකම් රටාව, නිවැරදි පාවහන් ඇඳුම් පැළඳුම්, දේශගුණය,ආතති මට්ටම,නිදාගන්නා ඉරියව් ආදිය ද තීරණාත්මකව අන්තර්ගතවේ. දියුණුවන රටවල ජීවත්වන ජනතාවගේ පැවැත්ම කෙරෙහි ක්‍රීඩාව සහ ව්‍යායාම හරහා ලබාගන්නා ප්‍රතිලාභ ප්‍රමාණවත් දායකත්වයක් සපයයි. එමෙන්ම මෙය දිගුකාලීන ප්‍රතිකාර ක්‍රමවේදයක් සහ පුනරුත්තාපන ශිල්පයක් වශයෙන්ද යොදාගන්නා අවස්ථා හදුනාගත හැකිය.ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් පිළිගන්නා ආකාරයට ක්‍රියාශීලී ජීවිතය යනු රටක පොදු සෞඛ්‍ය වර්ධනය සඳහා මෙන්ම අන්තර්පුද්ගල සෞඛ්‍ය වර්ධනය සඳහා ද භාවිතා කරන්නා වූ ප්‍රභල මෙවලමකි. පුළුල් අර්ථයෙන් ගත් කළ එය සාධාරණ සදාචාර සම්පන්න නීරෝගී පුද්ගල පෞරුෂයක මූලික සැකසුම් බලවේගයයි.
නයනි බුද්ධිකා
Categories: Top Stories